ඉන්දියාවේ නාගපට්නම් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල ටැංකි සංකීර්ණය හා කොළඹ සම්බන්ධ කරමින් බහු නිෂ්පාදන තෙල් නල මාර්ගයක් ඉදිකිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉන්දියානු රජය ඉන්දීය තෙල් සමාගම හරහා මෙම යෝජනාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර තිබේ.
ඉන්දීය බලශක්ති සතියට ඒක්වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා හා ඉන්දීය තෙල් සමාගමේ නියේජිත පිරිසක් අතර මෙම ව්‍යාපෘති යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණය තීරණය කිරීම සඳහා තාක්ෂණික අධ්‍යයන, ඉල්ලුම වෙළඳපල විශ්ලේෂණය, මූල්‍ය විශ්ලේෂණය සහ ව්‍යාපාර ආකෘති පිළිබඳව එහිදී අවධානය යොමුවූ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
එසේම ත්‍රිකුණාමලයේ ටැංකි සංකීරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්යතය හා ලංකා ඉන්දීය තෙල් සමාගම අතර ආයෝජනය සම්බන්ධයේද මෙහිදී සාකච්ඡා වී තිබේ.